රයිගම් සම්මානයෙන් තොර රතු අහස

13288968_1037912076286218_1764938772_nරතු අහස යනු පසුගිය වසරේ විකාශය වූ අතිශය සංවේදී, කලාත්මක භාවයෙන් උසස් , විශිෂ්ඨ නිර්මාණයක්. එහි තිර රචනය කලේ නාමල් ජයසිංහ. නිසි වටිනාකමක් අගයීමක් නොලද කලා කාරයකු ( චිත්‍ර ශිල්පියකු ) නූතන සමාජ සංස්කෘතිය තුල ආදරය දේශපාලන හා වෙළෙඳපොළ හමුවේ අනාථ වන අයුරු සහ ඔහුගේ ඛේදවාචකය මෙම ටෙලි නාට්‍යයේ බොහොම අපූරුවට පෙන්නුම් කලා. විශේයෙන් එහි තිර රචනය ලියූ නාමල් , අධ්‍යක්ණය කරපු ක්‍රිස්ටි ෂෙල්ටන් හා ප්‍රධාන චරිතය රංගනය කරපු ධනංජය සිරිවර්ධන මෙවර රයිගම් සම්මාන  උළෙලේ කිසිදු සම්මානයක් සදහා නිර්දේශ වී නොමැත. එපමනක් නොව . සංගීතය හෝ වෙනත් කිසිම අංශයකින් කිසිදු අගයීමක් නොමැත .

සමස්තයක් ලෙස ගත්කල කලාත්මක නිර්මාණයක අඩංගු විය යුතු සියලුම අංශයන්හි ගුනාත්මක නිර්මාණයක් වූ රතු10513462_665398133537616_7109751346345580484_n අහස වෙනුවට, මෙගා ටෙලි නාට්‍යයක් වූ කලු අරලිය ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොදම නලුවා ලෙස සුරාජ් මාපා නිර්දේශ වූයේ කෙසේදැයි දන්නේ වි
නිසුරු මඩුල්ල හා රයිගම් ආයතනයේ හිමිකරුවන් පමණි. තවද මේ කාලයේ බෙහෙවින් ජනප්‍රිය නාට්‍ය කීපයක රගපාන බොහෝ නලු නිලියන් වෙනුවට නාට්‍යයක දෙකක ඉන්නා ව්‍යාපාර වලට සම්බන්ධ , පොහොසත් නලු නිලියන් පමනක් ජනප්‍රිය සම්මාන වලට නිර්දේශ විය.

කෙසේ වෙතත් කලාකරුවන් වෙනුවෙන් අගයීමක් සිදු කිරීම ඉතා විශිෂ්ඨ කටයුක්තක් වන නමුත් එය ඉතා අවධානයෙන් සිදු කල යුක්තකි. නැතනම් ලංකාවේ කලාවේ හෙට දවසේ බිහිවන්නේ රතු අහස් විරාග මෙන් සමාජයට වෛර කරන දක්ෂ කලාකරුවන් පිරිසකි. ඔවුන්ගේ අනාගතයත් ඛේදාන්තයක් නොවේවා යන්න, කලාත්මක වින්දනයක් තියෙන ප්‍රේක්ෂකයා ගේ ප්‍රාර්ථනය..

10929552_810963195647775_8101761473649261133_n1888570_691165500960879_1656768095433098370_n13296324_1037912026286223_2110521379_n

13293030_1037912062952886_1670020211_n13285819_1037912069619552_960521717_n

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s